ලෝකයේ දැනට ජිවත් වන පැරණිම වනගත පක්ෂියා
විස්ඩම් යනු ලයිසැන් අල්බට්රෝස් වර්ගයේ මුහුදු ලිහිණියකි . ඇයට විස්ඩම් යන නාමය ලැබුණේ ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ පර්යේෂණ ආයතනය විසින් 1956 දී ඇය හදුනා ගැනීමෙන් පසුවය . මේ වෙන විට ඇයගේ වයස අවුරුදු 62 කි . වරින් වර පුවත් මවන්නියක් වන ඇය මෙවර ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ අවරුදු 62 ක දී නිරෝගිමත් පැටවෙකු බිහිකීරිම හේතුවෙනි . ඇය මේ වන විට බිහිකර ඇති පැටවුන් සංඛ්‍යාව 36කි .
විස්ඩම් තම වර්ගයාගේ සාමාන්‍ය ආයු කාලය මෙන් දෙගුණයක් ජිවත් වූ පක්ෂියෙකි . එමෙන්ම ඇය පියාසර කර ඇති සැතපුම් ගණන මිලියන 2ත් 3ත් අතර වන බව ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසා තිබෙනවා . එය පෘථිවියේ සිට සද දක්වා ගිය වාර 4ත් 6ත් අතර වූ සවාරියක් ලෙසද හැදින්විය හැකි බව ඔවුන් පවසනවා .
0 Comments